Pages

Thursday, August 2, 2012

.....රිදී ...



ඒ රිදී මිරිවැඩිය
බෝ දුකින් පයලගෙන
ඈ ඇවිත් මා සොයා
දුරු කතර ගෙවාගෙන....

ඇගේ අපූරුම දිස්න
දෙන ,රිදී සිනා ගෙන
ඈ ඇවිත් ගමේ සිට

මා දිහා බලන්නට....

කළපුවල සුරල් දෙන
පොඩි මාලු පැටවුනේ
ඇගේ රිදී පැහැයගෙන
නුඹේ වරල් සැළෙන'යුරු..

තල් පත් රටා මවන
පැල්පත් සොයා ඇදෙන
ඇගේ රිදී ඉරි වලින්
කවරනම් බේරුමක් වෙද...

අගු පිල් වල ලගින
රැයේ කෙඳුරුමක් දෙන
බලු නගුටෙකුගේ වුව
සිහින වල , රිදී ,තැවරි ඇත...

ගමේ සිට මා සොයා
මෙතෙක් දුර ගෙවාගෙන
ආ බවට රිදී සඳ
සිහිනයේ සළකුණක් ඇත.....

0 comments:

Post a Comment