අහස් කුස දිලෙන රන් වන් පැහැති කුඩා තරු
සරතැස නිමාලා ඔහෙ ඇදෙන වළාකුළු
සෙවනැලිද වසාලා අඳුරේ නිදි ලතා තුරු
අතර මගේ සිත සොයයි මට ලබැඳි මගේ කළු
දෙවියන් මවාළු අපූරුම පැහැ රැගෙන
අහස් කුස හවස් කල සිනාසුන ඉඳුවරද
නවතගෙන ඇසිමි මම තිබේදැයි කළු පැහැය
නැත කියා ඇය ඇදුණි වෙන අතක් බලාගෙන
ආලෝක වසර නම් දස දහස් දුර තිබෙන
සක්වල ගලෙහි ඉම කොතැනදැයි බලාගෙන
පියාඹන වළාකුලුවලින් මඟ අසාගෙන
ගියෙමි මට උරුම කළු තිබේදැයි සොයාගෙන
නොමැත මා දුටු කිසිත් ඒ කළුට සමව එන
රාත්‍රිය උදා විය කුරුළු හඬ නිමා විය
තුරු මුදුන් සළු ලෙහා සීතලෙන් වෙව්ලීය
ඒ දුටුව සඳ සෙමෙන් රැස් කෙමි මුදාලීය
මට උරුම මගේ කළු බෝ දුරින් නැවතීය...
0 comments:
Post a Comment