පුන් පොහෝ සද හෙමි හෙමින් මැකෙන සද
නේක වූ තරු රටා අහසේ දගකාරකම් කරන සද
නැහැ පුඩු පොපියමින් එන සේපලිකා මල් සුවදමතක් කරමින්....
බලා ඉමි කවුලුව හැරදා මදක්...
පිණි ජම්බුගස් අතරින් සද එලිය තවරා
මල් සුවද පිරිසුලග එනු පිණිස..
නමුදු වියළි පොළෝ තල රත්වී
කැකෑරෙන රත් දුම් රොටු මිසක 
නොදැනුනි සිහිල් මද නළක පහස මට
බැලු බැලූ අත අහස උසට ගිය විසල් ගඩොල් බැමි මිසක
නොදුටුවෙමි පිණි ජම්බු ගස් මායිමක..
ඒ කඨොර ලෝකය තුල සිරව ගිය මගේ පු0චි ලෝකය
ඉකිබිදී තනිවම,
අහිමිවූ සේපාලිකා මල් සුවද මතක් කරමින් .......

 
 



 
 Posts
Posts
 
 
2 comments:
wow... really nice!
සේපාලික මල් සුවඳ
ඔය air-freshness වලට හැකිවෙද
බිඳින්නට ඒ මතක සුවඳ...
...අහෝ සුමිහිරි මද නළ
A/C මට කුමට
සිතින් විඳගමි මම
ගම්පෙතේදි අත්දුටු ඒ සිසිල...
මවෙතින් ගිලිහී ගිය අපූරුම සුවද.....
බලා ඉමි තවත් නිවාඩුවක්
හනි හනික ඇවිදින් තුරුල් වන්නට
පොල් ඉරු අතරින් බේරෙනා සද රැසට
කවි කියන පුන්චි බට්ටිච්චන්ට
එපා කියන්න නිදා ගන්නට...
තවත් ටික කාලයයි..
සේපාලික සුවද විදින්නට
එනවා මම...
Post a Comment