ලොකු ලොකු බර බර වචන නොකියා
යන්න නුඹ යන අතක
කම් නැහැ මට......
හිටියත් නොහිටියා වගේ හිටි නුඹ
කවුරුවත් නොවෙයි මාගේ....
මමත් කවුරුවත්ම නොවෙයි නුඹගේ,
සියලු බැදුම් අහකට අරගෙන
යන්න නුඹ යන අතක
නොවිමසා මo ගැන තවත්
ඔය ලොකු ලොකු බර බර වචන
හිස් වචන පමණයි,
සියල්ල මිටින් ගත් කල
ශේෂ වන්නේ
නුඹ මට අහිමි බව පමණමයි....

 
 



 
 Posts
Posts
 
 
2 comments:
අම්මෝ, මට හෙම කවුරු හරි මේවගේ එකක් කිවුවනම් ඇඬෙයි.... කවියක් විදිහට සැලකා බැලුවොත්, හරිම ප්රභල අදහස් ප්රකාශනයක්....
ස්තූතියි අයියේ...
:-)
Post a Comment