Pages

Thursday, October 7, 2010

ඉකිබිදුම...

ඔබ මට සමුදී යන්න ගිය දිනේ
හිත කැඩුණ බව ඔබ දන්නවා නම්
අප අතර වූ බැදුමන් ගිලිහී ගියත්
ජීවිතය පුරාවට ඔබ නැතුව ඉන්නට
මට නොහැකිම යයි සිතූවත්
මා ගින්නක දැවි දැවී සිටිනු දැක දැක
නුඹ කදුලක් නොහෙලා යන්න ගිය අරුමය
රහසේ හඩනා සිත
මායවක් අතර දැවෙන්නෙමි
ඔබ නැතුව තව දිනක්වත් ගෙවන්නේ කෙලෙසද
පෙරදිනක සිත මුසපත් කල එ හැගුම්
නිහඩ කරන්නේ කෙලෙසද..
රහසේ හඩන සිත,
ගිනිගෙන දැවෙන මා ඇතුලාන්තය,
ඔබේ ස්නේහය නැවත නොලැබෙන බව දැනී
බලාපොරොත්තු මිළිනව මියැදේ මා සිත...
ඔබ මා ලග නොමැතිව දැනේ තනිකම පාළුව රුදුරුව
ඔබේ ස්නේහය නැවත නොලැබෙන බව දැනී
මා පුදුම නොවී ඉන්නට දරන තැත
මට අලුතින් යමක් ගැන හිතන්නටවත් ඉඩක් නොතියා
ගල් ගැසුනු සිත ..
මට යලිත් ඔබව හෙට ලැබේ නම්...
මෙ රුදුරු පාළුව කදුල වියලේ නම්
දකින්නට හැකිනම් යලිත් ඔබව
සිතමින් විදින දුක....
යලි ඔබෙ ස්නෙහය මගේ සුසුමන් පුරා
රදවන්න මට ඉඩ තිබේ නම්...
සිතමින් විදින දුක....
එනමුදු
රහසේ හඩනා සිත,
දනී....
සැබෑව එය කිසිද නොවෙන වග
ඔබ නැතිව අතරම වූ සිහිනයන්
සැබෑව අභියස ඉකිබිදින බව........

1 comments:

udaya.jayawardhana said...

සෙනෙහසේ අරුත
වටහා ගැනුමමයි සෙනෙහස...
ඉකි බිඳින මුව
කඳුලු වැල් හෙලනා දෙනෙත
වැලපෙනා සිත
සැනසේ....
ස්නෙහේ අරුත කිමදැයි
පසක්කල දින...

Post a Comment