Pages

Wednesday, February 23, 2011

මම ඔයාගේ.................

මම පාර දිගේ ඔහේ ඇවිදගෙන ආවා ලෙක්ච'ස් ඉවර වෙලා.ගතේ මහන්සියට වඩා  හිතේ අමාරුව ඔක්කෝටම වඩා වැඩියි.ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න බැහැ.හැමදාම මොනවට හරි ගැටුමක්.මට මේ ජීවිතේ ඇති වෙලා.වැඩකට නැති කාටවත් අපේ ජීවිත තීරනය කරන්න දෙන්නේ ඇයි මම කී සැරයක් නම් ඔයාගෙන් ඇහුවද.ඒත් ඔයාට දෙන්න උත්තරයක් ඒ වෙලේ  ඉතුරු වෙලා තිවුණේ නැහැ.ඔයා ලෝකයට බයයි.ලෝකයා ඔයා තනි කරයි කියලා බයයි .ඔයාගේ මතය වැරදීමකින්වත් ප්‍රතික්ෂේප වුනොත් ඔයා කොණකට තල්ලු වෙයි කියලා බයයි.ඒකයි ඔයා හැමදේකම එකම මතෙයි එල්ලිලා ඉන්නේ පොඩ්ඩක්වත් නම්‍යශීලි වෙන්න බැරි..ඒකයි මම ඔයාට බය ඔයා එක්ක ලොකු පවුරකින් වෙන් තියාගෙන ඉන්නේ.ඔයා මට කොච්චර ලඟ වුණත් ඒ වගේ දහ ගුණයකින් දුරයි හැමතිස්සේම.


අනේ මේ වරා මල කොහේ ඉඳන්ද පාවෙලා ආවේ සඳුනි.
කොච්චර සැහැල්ලුවට ඔහේ පියාඹනවද.කිසිම බරක් පතලක් පෙන්නේ නැහැ ඒකට.


ඔයත් ආසයි නේද මේ විදියට ඉන්න.කිසිම රාමුවකට කොටු නොවී.ඇයි ඔයා ඔයාගේ ජීවිතේ එක කොටුවට එක  එකකකට structure එකකට ගෙනියන්න හදන්නේ.මම මේක  තද කරලා තියාගෙන මා ගාව හෙමින් පිරි මදින්න පිරි මදින්න මේ වරා  ඔක්කෝම අඳුරු පාට වෙලා.වරා පියළි එකින් එක ගැලවෙන්න ගත්තා.ඔයා දැක්කා නේද.ඇයි නොදැක්කා වගේ අහක බලාගත්තේ.ඒ වගේ තමයි මම ඔයාට කිට්ටු වෙලා ඉඳලා ඉඳලා ඔයා දැන් මාව දකින්නේ අඳුරුවට.මුලින් තිවුණ දීප්තිය නැහැ.දැන් ඔයා ව්‍යාකූල වෙලා.ඔයාට තේරෙන්නෙත් නැහැ ඇයි මට කිට්ටු වුනේ කියලා.ඒ දීප්තියටද.ඉතින් මේ දෙයින් ඔයා පොඩ්ඩක්වත් මිදෙන්න බලන්න.හැමතිස්සෙම මම දිහා නිකන් ඔහේ බලන්න එපා මටත් යමක් කමක් තේරෙනවා.මම මෝඩයෙක් නෙවෙයි.මම ඔයා දිහා ඈත ඉඳන් බලාගෙන ඔයාව  analyse කරනවා.ඒත් ඔයා ඒක දන්නේ නැහැ.ඔයා කරන හැම  හිත කඩන් වැටෙන දේකටම  credits අඩු වෙනවා පොයින්ට් ලොස් වෙනවා 








මගේ ආදරණීය යටි හිත




මම ඔයාගේ ආදරණීය උඩු හිත

2 comments:

Gayan Rupasinghe said...

අය්යො කොහොමද මෙච්චර කාලයක් ඔබව නොදැක උන්නෙ. ලස්සන බ්ලොගයක්. ඔබේ නිර්මානත් ලස්සනයි. මගෙ බ්ලොගයේ ලින්ක් 1 ක් දමන්නම්.

ජය..

Gayan Rupasinghe said...

අය්යො කොහොමද මෙච්චර කාලයක් ඔබව නොදැක උන්නෙ. ලස්සන බ්ලොගයක්. ඔබේ නිර්මානත් ලස්සනයි. මගෙ බ්ලොගයේ ලින්ක් 1 ක් දමන්නම්.

ජය..

Post a Comment