මම පුදුම අර්ථකතන ගොඩාක් දුන්නේ ඔයාව විස්තර කරන්න.කට්ටිය අහනකොට ඔයා කවුද කියලා මම කිවුවේ අල්ලන්න බැරි දෙයක් කියලා.ඔයා මොන වගේද ඇහුවම මම කිවුවේ හිතාගන්න බැහැ කියලා .ඔයා මාව වෙනස් කලා කියලා..
ඈත් වෙන්න යනකොට
මතකද....
මම කිවුවේ ඔයාව මා ගාවම තියාගන්න ඕනේ කියලා.ඔයා මගේ විතරයි කියලා.ඔයාව සීමා වෙන්න ඕනේ දෙදෙනෙකුට විතරමයි කියලා.
ඒත් ;
ඔයා කිවුවේ ඔයා මුළු ලෝකෙටම අයිතියි කියලා.
මම හිතෙන දෙයක් විතරයි කිවුවේ.
ඇත්ත ලෝකේ ඉන්න අයට මේවා හීන කතා වෙන්නත් පුළුවන් හීන ලෝකේ ඉන්න අයට මේවා ඇත්ත කතා වෙන්නත් පුළුවන්.තම තමන්ට අදාල පරිදි මේවා ජීවිතයට apply කරගත්වා.
කොහොම කොහොම හරි ඔන්න ඉතින් මම ඔයාට මගෙන් ඈත්ම වෙන්න ඉඩ දුන්නා.ඉතින් හරි දැන් නිදහස් නේ.ඕනේ තැනක ගිහින් එන්න දැන්.
සමහර විට,
ඔයා එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්
සමහර විට......
ඒ එන කොට මම ඔයා ගාව ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
කවුද දන්නේ..
ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක් හිත කියන්නේ හිතා ගන්න බැරි දෙයක්.කාළය කියන්නේ ඊටත් පුදුම දෙයක්.
ඉතින් ඔන්න දැන් ඔයා නිදහස්....
යන්න ඕනේ තැනක,
ගිහින් පියාඹන්න, දැන් මනස විවෘතයි; වට පිට හොඳට බලාගන්න.
මේ අහස වෙනදාට වඩා හරිම නිදහස් නේද .....?
ආදරය.....
 
 



 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment