Pages

Monday, February 21, 2011

මම පුoචි වතුර බින්දුවක්


මම පුoචි වතුර බින්දුවක් ගඟක ගලන, කිසිම නිනව්වක් නැහැ මට මම කොහේද යන්නේ කියලා.ඔයා කිවුවේ එහෙමයි.ඔයා මාත් එක්කම මහ මුහුදට ගලන්න යන්න එනවා කියලා මාත් එක්කම මුහුදේ  දිශාවට ආවා.ඔයා මට ඩිoග ඩිoග ආකර්ෂණය වුනා.ඒත් මහ මුහුද මේ මේ අත ලඟ පෙනෙද්දි


ඇයි ඔයා මට කතා කරන්නේ නැත්තේ වෙනදා වගේ...මම ඇහුවා...
මන්දා..


    එදා ඉඳන් ඒ තිවුණ ආකර්ෂණ බල ශූන්‍ය වෙලා ඊටත්  වේගෙන් විකර්ෂණ බල වේගය වැඩි වුණා අපි දෙන්නගේ.ඔයාට දැනෙන්න ඇති සමහර විට සමහර විට නැතිවෙන්න පුළුවනි. ඒත් ජීවය කියල දෙයක් මේ පුoචි වතුර බින්දුව ලග තිවුණනම් ඒක නැති වුණා.ඔයා මගෙන් වෙනදාට වඩා ඈත් වුනා. මට ඕනේ ඔයාව අයිති කරගන්න  තනියම.ආදරය වෙන කා එක්කවත් මට බෙදා ගන්න ඔනේ නැහැ.අවුවට වේලී වේලී වැස්සට තව වතුර බින්දු මට එකතු වෙවී මම  තවමත් ගලනවා  ඔහේ වෙනදා වගේම.ඔයා ආයෙත් මට එකතු වුණත් මට දැනෙන එකක් නැහැ.පෙනුනත් මට හැඟීමක් දැනෙන එකක් නැහැ.මොකද විකර්ෂණ බලය වැඩී මගේ හිතේ වෙනදාට වඩා.මහ ශූන්‍ය බවක් හැමදේම.


මට පිස්සු වෙන්නැති.




ඒත්.....




 මම දැන් දන්නවා මම ගලන්න ඕනේ කොහේටද කියලා.මම අයිති කොහේටද කියලා.










ඒ ....






ඔයා කිවුව මහ මුහුද  නම් නෙවෙයි






අර  නිලට පේන සීමාවක් නැති විශාල අහස.... 

0 comments:

Post a Comment