Pages

Friday, February 25, 2011

දුයිෂෙන්ට .....





‎**************
දුයිෂෙන්ට .....


ඇයි දුයිෂෙන් මං ඉන්නේ..........
හැරගිය අල්තිනායි කෙනෙක් ගැන
මොකට හිතනවාද දැන්............
ඒ පොප්ලර් ගස්
මතක් වෙද්දී
දැනෙන සීතල
ඔයා
අල්තිනායි එක්ක
ඒ ගස් දෙක
හිටවද්දී
මං
ඈත ඉදන්
බලන් හිටියා
දිග සුසුමක් එක්ක
දැන් කාලය
ගෙවී ගොස් හමාරයි
දුයිෂෙන්
මටත්
ඉඩ දෙන්න
ආදරය කරන්න
හදවතින්ම
ඔබට...........











Uthpala Nagahawatte 
ආදරණීය ඉවානාට....

පොප්ලර් පැල මහා ගස් වෙලා
හෙවණ දෙද්දී මග යන අයට
මතක් වෙන්නේ 
ඇයමවයි මට
එකම එක හසුනක් නො එවුවත් අද
හෙට එවයි ඇය ලියූ පද වැල
කියා මම මග බලා ඉද්දී
දුටුවා ඔබත් හෙමින්
මා දිහා බලන වග
ඒත් මිහිරිය...
ඔබ දුරයි මට
මගේ සිත ගත් ළද නිසාවෙන්.
තවත් කෙනෙකුන් ගැන සිතන්නට
තවත් කෙනෙකුට බැලුම් ලන්නට
නොහැකි ලෙස කෙටී ඇත
මා හද ඇගේ නම
අල්තීනායි
නොමැකෙනා ලෙස
සදාවට........ :-
)
February 11 at 11:28am ·  ·  5 people




Rukshila Wettamuni 
‎.................
දුයිෂෙන්.......
ඔයා තාමත් අයිලයට වෙලා
අල්තිනායි
එන කල්
බලන් ඉන්නවා
ඒත් එයා දැන්
ධනවාදි පන්තියෙන් වෙළිලා.......


February 11 at 11:31am ·  ·  3 people




Uthpala Nagahawatte 
ඔව් මම පණ තියන කල් බලා ඉන්නවා
ඇය ආයෙත් අයිලයට එනකම්
පිවිතුරු බව ඇගේ කෙලෙසූ
ධනපති හවුලට
ඇය හිස නමයි යැයි
කෙලෙස නම් අදහන්නද
ලෝකයාම කෑ ගසා කීවත්
මගේ කණට
ඇය මගේ අල්තීනායි
පුoචි කෙල්ල තවම....
.


February 11 at 11:32am ·  ·  4 people



Rukshila Wettamuni 
‎.............
ඔව් මට මතකයි
මාත් හිටියේ
ඔබේ පන්තියෙමයි
ඒත් ඔයා
වැඩියෙන් සැලකුවේ
ඈයටයි
මං හිතින් ඉරිසියා කළා
ලබා ගන්න
ඔබේ ආදරය
ඒත් මට
පුංචි ඉඩක් වත්
දුන්නේ නැහැ
ඔබේ ඔය
හදවතින්
විටෙක
මට දැනුණේ
අහංකාරයි කියා ඔබ.........


February 11 at 11:33am ·  ·  4 people





මට තවම මතකයි ඇය හීතලෙන් ගැහි ගැහි 

ගොම රිති හොයාගෙන ගිය හැටි 
මා එක්ක හරි හරියට
උණුසුම් කරන්න සීතල කාලය
නුඹලා ඔක්කෝම
එක වගේම,
පුoචි පා පොඩි තිය තියා
විගහට විගහට
මා එක්ක එක පෙළට
සීතල අයිස් කැබලි මත.
එතකොට නුඹලගේ උසුලු සිනාවන්
පෙළුු හැටි මගේ සුරනාවිය....
ඉතින් මා එක්ක හිටි ඇයට
හදේ විසල් ඉඩ වෙන් නොකලානම්
එහෙම
කොතරම් අසාධාරණද


February 11 at 11:35am ·  ·  4 people




Rukshila Wettamuni 
‎...................
අල්තිනායි ආවා දුයිෂෙන්
පාසලේ උත්සවයේ
ප්‍රධාන අමුත්තිය විදියට
ඒත් ඔබව
නොදකින්න තරම්
ඈය අවාසනාවන්ත වුණා
මගේ යටි හිතේ
සියුම් සතුටක් ඈති වුණා
මා නොදැනුවත්වම
ඒ මං ඔබේ ආදරෙන්
ආත්මාර්ථකාමී
නිසා වෙන්න ඈති.....


February 11 at 11:36am ·  ·  3 people





අහෝ මගේ කරුමය
දුම් රිය යන්න මොහොතකට පෙර
ඇය තැතනූවා කියන්නට යමක් මට
ඒත් මම එය නොදැක්කාසේ
බලාගත්තා වෙන යමක් දෙස
සති ගෙවී ගොස් මාස වූවා
මාස එක්වී වසර ගෙවුනා
මම සටන් බිම සෙබල වෙස් ගෙන
අයිලයෙන් පිට ගමන් කෙරුවා
නුඹ තවම මා ගැනම සිතුවා
ඒත් ඇය මගෙ හිතේ රැදිලා
ඉතින් මම දැන් කුමක් කරමිද
සොදුරියේ ඉවානා ...
.


February 11 at 11:36am ·  ·  4 people




Rukshila Wettamuni 
‎.............
ඈය ගැන කියා
මගේ හදවත
රිද්දන්නේ ඈයි දුයිෂෙන්
මං දන්නවා
ඔයා එයාට
ගොඩාක් ආදරෙයි කියලා
ඒත් අප්‍රකාෂිත ප්‍රේමයක්..........
ඈති යාන්තං
මං
අදවත් නිදහස් වුණා
මගේ හිතේ
ඔයාට තියෙන
ආදරය කියලා.........


February 11 at 11:37am ·  ·  3 people






හිත
ඔබේ නිදහස්ම වෙන්නැති
ඇය මගේ කිසිදා නොවෙන්නැති
ඒත් මා දුන් ශිල්පය
ඔබේ ලග හැමදාම ඉන්න ඇති
පොප්ලර් පැල රහසේ හඩන්නැති
අඩි මැකී මාවත සැගව යන්නනැති
ඒත් ඉවානා,
විප්ලවය කිසිදා මියෙන්නැති
නිසාවෙන් ඔබ මට පෙම් කරන්නැති...
.


February 11 at 11:37am ·  ·  5 people




Rukshila Wettamuni 
‎....................
සීතල සුළඟට
සිරි සිරි ගා
හඬ දී වෙව්ලන
පොප්ලර් ගහේ කොළ
කොහොම කියන්නද
ඔබට බැඳි ඒ සෙනෙහස.....


February 11 at 11:39am ·  ·  4 people





රුදුරු සටනක අවසානයේ
නටඹුමක් වූ මහළු මා හද
අමතකව ගියාවද ඇයට
අයිලයම කල ලෙසට
ලපටි පොප්ලර් දළුව
සෙමි සෙමින් සැලෙන ලෙද
ගයන කවි පද මහද
තනි රකීවිය සිත සැනසිල්ල
සදහට
කළෙමි මම දේශයට මගේ ජාතියට
මෙහෙවරක්...
ඉවානා නොතැවෙන්න
දිනයක මුණ ගැහේවී
නුඹට
යස පියාදරයෙක්
මා මෙන් වෙහෙස පත් හද නොමැති
නුඹ ආදරයෙන් සනසනා සොදුරු මිනිසෙක්
ඉතින් එතකන් ඉවසන්න,
බලා ඉන්න මග,
ඉඩ දෙන්න ඔහුට පැමිනෙන්න..
.


February 11 at 11:41am ·  ·  4 people




Rukshila Wettamuni 
‎..................


(ඉවානා නොතැවෙන්න
දිනයක මුණ ගැහේවී
නුඹට
යස පියාදරයෙක්
මා මෙන් වෙහෙස පත් හද නොමැති
නුඹ ආදරයෙන් සනසනා සොදුරු මිනිසෙක්
ඉතින් එතකන් ඉවසන්න,
බලා ඉන්න මග,
ඉඩ දෙන්න ඔහුට පැමිනෙන්න.....)
.
..........
දුයිෂෙන්......
ඔබට බැඳි ආදරය
මං කොහොමද පුද කරන්නේ
වෙන කෙනෙකුට..........
ඔහුට ඔබ වෙන්න බැහැ කවමදාකවත්..............


February 11 at 11:45am ·  ·  3 people




මා යනු මමම වේ
වෙන කිසිවෙකුට මා නොතේරේ
සොදුර මටද මා නොවැටහෙන කල
නොතේරෙන්නේ මන්ද
මා වැන්නෙක් සොයන ඔබ 
දුවන්නේ මිරිගුවක් පසුපසම බව.......


February 11 at 11:53am ·  ·  7 people




හ්ම්..............
උඩට ගත් හුස්ම පොඳ
හෙළා දමන්නට
අමතක වුණා මට
ඔබේ මේ 
හද කම්පාවෙන
වචන සමුච්චය දැක්කම...
.


February 11 at 12:03pm ·  ·  5 people




ඉවානා,
නොපතන්න දුයිෂෙන්වම හැමදාමත්
කාටවත් ඔහු වෙන්න බැහැ කවදාවත්
ඔහුටමත් ඔහුම වී ඉන්න බැහැ සදහටම
ඉතිං දැන්
සමුදෙන්න නොලැබෙනා ඔය පෙමට
ඉඩදෙන්න ඔබේ ඔය හදවතේ
නැවුම් පෙම් සුසුමකට නවතින්න..


February 11 at 12:04pm ·  ·  5 people



මරීනා........
ඔයා දන්නේ කොහෙමෙයි
මං
දුයිෂෙන්ට බැදි සෙනෙහස...
ඔබත් ආදරය කරා නේද
නොලැබෙන දුයිෂෙන්ලාට.....


February 11 at 12:07pm ·  ·  6 people


අනේ මරීනා........
මං එහෙම කිව්වාම
ඔබේ හිත රිදුනාද........
හිතේ ඈති වෙච්ච පීඩනයටයි
එහෙම කියවුණේ...
.

February 11 at 12:14pm ·  ·  6 people





ඉවානා,
එයයි ඔබෙයි මගෙයි වෙනස
මා දුයිෂෙන්ට බැඳි සෙනෙහස
කිසිවිටෙක මා පීඩනයට පත්කරන්නෙ නැහැ..
ඒ සෙනෙහස මට දැන් ගෙනෙන්නෙ
සදාකාලික නිදහස් සුවයක්..
මට දැන් පුලුවන්
මුලු ලෝකෙටම ආදරේ කරන්න,
වෙනදාටත් වඩා..
මේ හිතේ ලැගුම් දෙන්න
තවත් ආදරනීය සොඳුරු හිතකට..
.


February 11 at 12:23pm ·  ·  5 people




අයිති කරගැනීමේ බලාපොරොත්තුවෙන් කරන ආදරය හරිම වේදනාකාරීයි ඉවානා..
February 11 at 12:26pm ·  ·  5 people





Rukshila Wettamuni 
‎............
කඳු ගැටය මත පිහිටි
පොප්ලර් ගස් දෙක
සුළං පහරට විවෘත වී
නග්නව 
මා දෙස බලා ඉන්නවා
දුයිෂෙන්........

එතකොට
අපේ අයිලය
මට මතක් වෙනවා නිතරම

උස් කඳු වැටි අසල
පුළුල් නිම්න භූමියක
ගලා බසින
කුඩා ගංඟාවලින්
වැඩි හරියක්ම
පෝෂණය වුනේ
අපේ අයිලයයි....
.


February 11 at 12:37pm ·  ·  2 people





අහ් මරීනා ඉවානා
කෙල්ලන් ඔක්කොම මට පෙම්
මම උන්ට කරන්නේ කෙසේද
දෙවියනි මෙලෙස පෙම්
සිටිද්දී අල්තිනායි
මගේ හද වසා ගත් කුසුම
සුපෙම්......


February 11 at 12:53pm ·  ·  6 people




Uthpala Nagahawatte




ආදරණීය ඉවානා,
මගේ මිහිරිය මට කීමට ඇති සියල්ල මම ඔබට පැවසූවා ඉතින් දැන් මම නිහඩව බලා ඉන්නම් අවට ලෝකය ඔබට දෙන අදහස් දිහා...කියාවී ඇතැමෙක් මම මෝඩයෙක් නූගතෙක් පිස්සෙක් කියලා..තවත් අයෙත් කියයි නුඹට මම සමාජවාදියෙක් ධනපතිපන්තියට විරුද්ධට කැරලි ගැහුවෙක් කියා....සමාජ සම්මතයෙන් අපගමනය වුන චරිතයක් කියා...ඒත් මේ ඔක්කොම අතරේ හැමෝගෙම මතකයෙන් ගිලිහිලා යාවි මමත් අනිත් හැම ප්‍රාණියෙක් වගේම ලේ ඇට මස් දහරින් හැදුනු මනුස්සයෙක් කියලා....උන් බණ දෙසාවි මම දුයිෂෙන් කියන උන් පොතේ දකින සමාජවාදියා චරිතයට කොටු කරන්න හදාවී.ඒත් උන් දන්නේ නැහැ මම ඉන් ස්වායත්තයි හැමදාම පොප්ලර් දළු මුමුනනවා අහන් හිටියා කියලා....ඉවානා මේ ලෝකේ ඇති බැදීම් හැම එකටම නමක් ගමක් දීලා වෙන් කරන්න බැහැ.මම අල්තීනායිට ඇති ස්නේහය තරම නුඹට නැති වුනත් යම් කිසි බැදීමක් නුඹටත් ඇති.ඒකයි මේ හැම තිස්සෙම නුඹට සපයන්නේ පිළිතුරු...

මීට අදරැති,
දුයිශෙන්


February 11 at 10:54am ·  ·  4 people



මගේ ආදරණීය රුක්ෂිලා අක්කියා කිවු නිසාවෙන් වත් පොතෙන් උස්සා ගෙනැවිත් මෙය මෙතැන පැල කර සටහන් තබන ලදී :D


0 comments:

Post a Comment