Pages

Monday, February 28, 2011

නදී තරණය..

සීමාව ඉක්මවා ගලන්නට සැරසෙන
නදී තොමෝ නුඹ
පෙඳ පාසි බැඳුණු ගල්
බලාගෙන
ලිස්සයි
ඔය අඳුරු ගල් අස්සේ
හැoගිලා ඇති
අපි ලියුව කතා පොඩි
නුඹ තැබුව දෙපා පොඩි
කෙලි කවට සිනා පොඩි
අසීමාන්තික ආසාව ලඟ
සීමාව නොදකින
නදී තරණය..

0 comments:

Post a Comment