Pages

Monday, April 25, 2011

නුඹ නම් අහසමැයි...



 ~~~~~~~~~~අහස නුඹ
                        වෙනස් වන
                        සැනෙකින්
                       
මට
කිසිදා
හිතා ගන්නට
බැරි ලෙසට


විටෙක් සිනා සෙන
මට කියවන්න හැකි
පැහදිලි නිලට


තවත් විටෙක අඳුරුව
මට හිතාගන්නට බැරි
නිහඬ බවක


එකෝමත් එක කලෙක
මට අඳුර දී
දෙමින් මුව කැල්ම
තවත් පෙදෙසකට




අනේ .......


නුඹ  නම් අහසමැයි......


ඉරු එලිය
වැහි අඳුර
වළාකුළු
අතර
තරු හැoගිලා සිනාසෙන 


සත්තකින් ....


මම ආදරෙයි
නුඹට


තටු විදාලන්න
බැරි වුනත් 
ඔය 
විසල් 
අහස යට






කවදාවත්ම 
මට~~~~~~~~~

3 comments:

Hishan de Silva said...

ඔයාගෙ ඔය අහස අවුරුද්දෙ එක කාලයක් ඔහේ බලන් ඉදල අප්‍රේල් මැයි වෙන කොට හොදටම අඩන එක තමා කරන එකම රාජකාරිය :)

දුකෝ said...

නුඹනම් අහසමැයි...
හැඟුණු වර
මෙපමණයි
කිව නොහෙයි.

නුඹනම් අහසමැයි...
පද බඳින්නට
පැදි අඳින්නට​
නොසිතුනා නොවෙයි

නුඹනම් අහසමැයි
කව අහසමැයි
අසමයි

නුඹනම් අහසමැයි...

දුකෝ said...

නුඹනම් අහසමැයි...
හැඟුණු වර
මෙපමණයි
කිව නොහෙයි.

නුඹනම් අහසමැයි...
පද බඳින්නට
පැදි අඳින්නට​
නොසිතුනා නොවෙයි

නුඹනම් අහසමැයි
කව අහසමැයි
අසමයි

නුඹනම් අහසමැයි...

Post a Comment