Pages

Saturday, October 1, 2011

වලා අතුල.....







හිරු උදෑසන හිනැහෙන විට ඇහැරෙන අපි සියොත් නද ඇසුනත් නෑසූ කන්ව දවස පුරා ජීවන සටනක යෙදෙන්නෙමු.


ජීවිතය කොතරම්දේ අපිට මුමුනයිද... නමුත් ඒ හඬ ඇසෙනුයේ කීයෙන් කීදෙනෙකුටද ........
ජීවිතය අපිට තෑගි කල සොඳුරු දේ විඳීමට තරම් සොඳුරු සිත් ඇත්තේ කීයෙන් කී දෙනෙකුටද.
ජීවිතයට සුවඳ ගෙන හමා එන අනාරාධිත මල් සුවඳට වැට බඳින අපි එසේ නොකරන තවත් සමහරුන්ට පාටක් දෙමු.
කළු සහ සුදු අතරම අපේ ජීවිත දෝලනය කරවා ගන්නෙමු.
නමුත් මා දකින ජීවිතය යනු දිය තරංගයක්ය.
 හිරු එළිය වදින විට එය දිලිහේ ...බලාපොරොත්තුවක් ලද විට හිනැහෙයි...
පොඩි දරුවෙකු ඇඳි සිත්තමක්මක්සේ විටෙක අරමුණු බලාපොරොත්තු නැතිව ඔහේ ලතැවෙයි.එහි නෙක නෙක වර්ණයන් ඇත නමක් නැති හැඩතලයන් ඇත.


නේක  පාට හැඩතල වලින් සෑදී
විටෙක සිනාවෙන
විටෙක සුසුම්ලන
 තවත් කලෙක හඬා වැටෙන


ජීවිතය....... නම් දෙවියන්ගේ අපූරුම නිර්මානයකි .


මේ සෑම පාටකටම
මේ සෑම හැඩතලයකටම
 අරුතක් දෙන්නේ අපිමය...


එහෙත් එහි නිශ්ඵල බව දනින්නේ කීයෙන් කීදෙනෙකුද..






http://www.youtube.com/watch?v=DgoS_qlC5c0&feature=related

1 comments:

Shadow/හේමලයා said...

Does everything has a reason.......a purpose....or is it pure chance or an unlimited randomness.....what is energy...what keeps the universe running.....Life is just one miracle we tend to misunderstand.....but everyday every moment we underestimate millions of miracles with in this useless lie called life...some day...Some one...Soem How will see the truth....:P...Lets HOPE.......:P..

Post a Comment