Pages

Tuesday, December 13, 2011

කලු

නොනිම්වූ ආශාව සංසිඳුවන 


මහා දළ රළ පෙළක අවසන


කාටවත් නොපෙනී සුසුම් ලන


පුංචි කඳුලක කතාවක් ඇත..........



හඳ හෙමින් මෝදුවී සිනා වෙන


වඩ දියද බාදිය හෙමින් ගලා එන


කිරිල්ලක සෙමෙන් රහසෙන් ගී ගයන


රැයකටද කියන්නට කතාවක් ඉතුරු වී ඇත......





අඳුරු මාවතක පියඹන 


සමනල් ජෝඩුවකි ඔබ මම හිතූ මනාපෙට


තටුව කලු පාට 


නමුදු සිතුවිලි


රතු දම්





සමඟ 


සුපැහැදිලි සුදු පාට.......

2 comments:

Hishan de Silva said...

හ්ම්...

AsiDisi said...

ලස්සනයි...!!

Post a Comment