අග්නි ධාරා ඔහේ සැලෙමින්
සියොත් පෙළට ගී ගයන්නට කියයි
සුලඟ හමන්නට වාරු නොමැත්තෙන්
සීතල වුණ රළ පෙළට ගතු කියයි
දවසේ නිමාව කියනා සැනෙකින්
සවන් යුග ඔබේ වදන් සොයා එයි
අහසේ විසිරුණු කුඩා තිත් මතින්
පොලොවේ සරතැස නිවන්න සැරසෙයි...
ඈත මඟම රැඳි නිල් පැහැ දෙනෙතක්
ඇදෙන දෙපා කාගේදෝ බලමින්
වලාකුළු අතර මඟ රැඳි මොහොතක්
ඔහු නො එනා බව හැමවිටම මුමුණමින්
නොහඳුනන්නන් අතරින් ගෙවෙනා
හෝරාවන් මට දැනේ කල්පයක්
එහෙත් හිතේ විශ්වාසයක්...
කොතරම් කවුරුන් කෙසේ කියූවත්
දැනෙන පා සඟල තවම මඟ එමින්!!!!
1 comments:
hmmmm.....
Post a Comment