Pages

Wednesday, May 30, 2012

දැනෙන පා සඟල


අග්නි ධාරා ඔහේ සැලෙමින්
සියොත් පෙළට   ගී ගයන්නට කියයි
සුලඟ හමන්නට වාරු නොමැත්තෙන් 
සීතල වුණ රළ පෙළට ගතු කියයි
දවසේ නිමාව කියනා සැනෙකින්
සවන් යුග ඔබේ වදන් සොයා එයි
අහසේ විසිරුණු කුඩා තිත් මතින් 
පොලොවේ සරතැස නිවන්න සැරසෙයි...


ඈත මඟම රැඳි නිල් පැහැ දෙනෙතක්
ඇදෙන දෙපා කාගේදෝ  බලමින්
වලාකුළු අතර මඟ රැඳි මොහොතක්
ඔහු නො එනා බව හැමවිටම මුමුණමින්
නොහඳුනන්නන් අතරින් ගෙවෙනා 
හෝරාවන් මට දැනේ කල්පයක්



එහෙත් හිතේ විශ්වාසයක්...


කොතරම් කවුරුන් කෙසේ කියූවත්
දැනෙන පා සඟල තවම මඟ එමින්!!!!


1 comments:

Shadow/හේමලයා said...

hmmmm.....

Post a Comment