Pages

Thursday, January 12, 2012

පියාඹන්නට බැරිව ලතැවුණු
කුරුළු පැටවෙකු ගතිමි දෝතට
තෙත බරිත සුදු පිහාටුවක බර
දැණුනි දෝතට නොහැක දැරුමට

නමුදු සෙනෙහේ කරුණාව හිත
ලබා දුනි හීතලෙන් ගැහෙන කල
උණුසුම්ව තව තව තුරුළු වුණි
දමා යන්නට බැරිව මංසල

තත්පරෙන් තත්පරය දැනුණි
උණුසුම්ව දිගෑරෙන තටු
පැය ගෙවී ගොස් ගෙවුණි දවසක්
කුරුළු ගීයක් නැගුණි වී තුටු

අසෙනි වරුසා නතර වූවා
අහස නිල් වන් පාට වුවා
කුරුළු පැටවා අහස දුටුවා
"ඔබ මගේ කවුරුන්ද" ඇහුවා

පියාපත් සවි බලයි කීවා
"අහස මගේ මහ ගෙයයි" කීවා
පියාපත් මට නොමැති හින්දා
මා දමා යන බවක් කීවා

නිමක් නැති කළු වලා පාවී
නෙතේ අගිස්සකින් රැඳුනා
මහා මොරසන් වරුසාවකට පසු
දෙගොඩ තලමින් ගඟක් ගැලුවා

ගඟ දෙපස බිම් නිසරු වූවා...............

1 comments:

හිතුවක්කාර කෙල්ල said...

වෙනස් සිතුවිල්ලක්.අපූරුයි පද ගොතලා තියන හැටි... ලස්සනම ලස්සනයි!!!

Post a Comment